චිත්‍රාල් සහ උමාරා එකට එකතුවෙලා කරපු හදවතට දැනෙන අලුත්ම ගීත නිර්මාණය
චිත්‍රාල් සෝමපාල ඒවගේම උමාරා සිංහ වංශ කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ හැමදාමත් දැනෙන්න අලුත් දෙයක් කරපු කලාකරුවන් දෙදෙනෙක්.පසුගිය කාල සීමාවේදී උමාරා අළුත් නිර්මාණත් එක්ක වැඩිපුර දැකබලා ගන්නට හැකියාව ලැබුණේ නැතත් ඔන්න ආයෙමත් සැරයක් ඇය හොඳම කටහඬක් එක්ක එකතු වෙලා හරි ලස්සන වැඩක් කරලා තියෙනවා.
රොක් සංගීතය ආරයෙන් ගීත ගායනා කරන චිත්‍රාල් සෝමපාල මහතාගේ හඬත් එක්ක උමාරගේ කටහඬත් එකතු වුණහම ඇත්තටම මේ ගීතයට ඇවිල්ලා තියෙන්නේ අමුතුම තාල රටාවක්.මේක මීට කලින් ගීත නිර්මාණ වලින් දැක බලා ගැනීමට නොහැකි වෙච්චි සුන්දරම මිහිරි හැඟීමක් කිව්වොත් ඇත්තටම හරි.
මේ ගීතයේ official music video එක මේ වෙද්දි රිලීස් වෙලා තියෙනවා.ගීතය නම් කරලා තියෙන්නේ “නිවන්න” කියන නමින්.ඒ වචනවල අර්ථය තුළින් ගීතය රස විඳින්න විඳින්න ඇත්තටම මේක ලස්සනම නිර්මාණයක් කියලා ඔබට අනිවාර්යෙන්ම දැනේවි.එනිසාම හදවතට දැනෙන තාලයට ගයන ඒ වචන ටික අහන්න අමතක කරන්න එපා.
 Reviewed by Idapz Digital
        on 
        
10:53 PM
 
        Rating:
 
        Reviewed by Idapz Digital
        on 
        
10:53 PM
 
        Rating: 

 
   
 
 
 
 
No comments: