About

ලිංගික දුර්වලතා ඇතිවන්නේ මෙන්න මේ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න.

[starttext]ලිංගික දුර්වලතා ඇතිවන්නේ මෙන්න මේ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න.

ලිංගික දුර්වලතාවය බොහෝවිටම මානසික තත්වයේ ව්‍යාකූලත්වය නිසා ඇතිවන්නකි.
ඒ සම්බන්ධව ජ්‍යොතිෂ්‍යය විද්‍යාත්මකව සිතූ කල,

● පුද්ගලයෙකුගේ සිතිවිල නියෝජනය කරන්නේ “ සඳු/චන්ද්‍ර ග්‍රහයාය“.
එම චන්ද්‍රයා බලවත්වීම බලවත් ලිංගික ශක්තියකට හේතු වෙනවා සේම, චන්ද්‍රයා දුර්වල රාශිගතව පිහිටිම ලිංගික ශක්තිය දුර්වල විමට හේතුවේ.
* අපගේ අත්දැකිමේ හැටියට එවන් අය තම බිරිද සමග පවා ලිංගික ඇසුරෙන් බැහැරව සිටි. ඒ සම්බන්ධව උනන්දුව බොහෝ අඩුය.

● අනික් ලිංගික දුර්වලතාවයට බලපාන තවත් ප්‍රධානම ග්‍රහයෙකි කේතු. යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ කේතු 7 පිිහිටා සෙනසුරුගේ බැල්ම ලැබූ කල ලිංගික තෘප්තිය නැතිව යයි.
එය බොහෝවිට කාන්තාවන්ට බලපාන තත්වයක් වන අතර පුරුෂයන්ටද බලපායි.

● එසේම සිකුරු ග්‍රහයා නීච රාශිගතව කේතුව පෙනේ නම් එයත් බලවත් ලිංගික දුර්වලතා ඇති කරන පිහිටිමකි.

● කේතු කුජ ග්‍රහයා සමග විවාහයට බලපාන 7, 8 වැනි රාශිවල පාප පීඩිත නම්, එවැනි අයට ගණිකාවන්ගෙන් රෝග බෝවිමට පවා ඉඩ ඇත.

● තවද බ්‍රහස්පති/ගුරු ග්‍රහයාගේ බලවත්විම ලිංගික ආශාවන් අඩුවන පිහිටිමක් වන අතර එවන් අය ලෝකෝත්තර අධ්‍යාත්මික සුවය ගැන සිතිම නිසා ලිංගික ආශාවන් 100%ක්ම නැතිව යාමට හැක.

* * ලිංගික ශක්තියේ ප්‍රබලත්වයට හේතු වනම් බුදු දහමේ හැටියට, පූර්ව ආත්ම වලදි වැරදි කාම සේවයෙන් ඇත්විම. කාම අපරාධ නොකිරිම සහ රෝගින්ට ඇප උපස්ථාන කිරිම වැනි දෑය.

● සඳු ග්‍රහයා කේතු සමග යෝග වී 7 වැන්නේ හෝ 8 වැන්නේ තැන්පත්වීම නිසා පුරුෂයින්ට ලිංගික ප්‍රාණවත්කම අවම වේ.

● කාන්තාවන්ට කේතු-ශනි සමග යෝගවී 1, 6, 7, 8 ස්ථාන වල පිහිටියොත් විවිධ සුදයෑම වැනි රෝග ඇතිවේ. එයින් ලිංගික ආශාව අඩු කරයි.

තවත් කරුණු කාරණා බොහෝ ඇතිමුත් පල කිරිමේ දුෂ්කරතාවයක් ඇත. පසුවට බලාපොරොත්තු වන්න.
* මෙම සියලු විස්තරයන් සූක්ෂම කේන්දර පරික්ෂාවකින් සනාථ විය යුතු බව අවධාරණය කරමු. ඒ හැර කොටුවක සිටින ග්‍රහයන්ගෙන් පමණක් මේ තත්වයන් ඇති නොවේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
[endtext]
ලිංගික දුර්වලතා ඇතිවන්නේ මෙන්න මේ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න. ලිංගික දුර්වලතා ඇතිවන්නේ මෙන්න මේ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න. Reviewed by Gossip Lanka News on 9:24 PM Rating: 5

No comments:

Powered by Blogger.