ගෘහස්ථ පරිභොජනයෙන් නොනැවතී ලිට්රෝ ගෑස් දේශීය ආර්ථිකයට උර දෙන අයුරු.
ලිට්රෝ ගෑස් සමාගම යනු ජනතාවගේ ආහාර පිසීම සඳහා පමණක් ම කැපවුණු ආයතනයක් නොවේ දේශීය ආර්ථිකයට මනා සේ කැපවුණු, දැවැන්ත ආර්ථික සහයෝගයක් ලබාදෙන සංචාරක ක්ෂේත්‍රය, හෝටල් කර්මාන්තය, සෙරමික් හා ටයිල් කර්මාන්තය, රබර් සහ ප්ලාස්ටික් කර්මාන්තය, බිස්කට් සහ බේකරි කර්මාන්තය පමණක් නොව කෘෂිකර්මාන්තයට ද රටේ ඇඟලුම් ක්ෂේත්‍රයට ද ප්‍රබල දායකත්වයක් ලබාදෙන්නක්. එසේම ආරෝග්‍යාශාලා සහ ආදාහනාගාර සේවා සඳහා ගෑස් යනු අත්‍යවශ්‍ය දෙයක්.
රාජ්‍ය භාණ්ඩාගාරයට ශක්තියක් විය හැකි ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය උත්පාදන් කළ හැකි දේශීය නිෂ්පාදකයින්ගේ අනිවාර්ය බලශක්ති සැපයුම් කරුවා වන ලිට්රෝ ගෑස් ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයට සහ දේශීය ඩොලර් සංචිතයට සෘජු බලපෑමක් කළ හැකි දේශීය සමාගමකි. ගුවන්තොටුපළ සහ වරාය යන අංශවලට ද එල්.පී. ගෑස් අත්‍යවශ්‍ය සේවයකි. මේ නිසා එල්.පී. ගෑස් සහ රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සුවිශේෂී සහසම්බන්ධයක් තිබේ. ලිට්රෝ සමාගම මෙවනි භාරදූර කටයුතු සම්බන්ධව වගකීමෙන් සිය මෙහෙය ඉටු කරමින් පවතී. ලිට්රෝ ගෑස් සිලින්ඩර ලබාදීම පමණක් නොසෑහී ගෑස් යනු විශ්වාසනිය සහ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස ජනතාවට අවබෝධ කරදීම ලිට්රෝ සමාගමේ තවත් අරමුණක්. මේ නිසා සාම්ප්‍රදායික ඉන්ධනවලට වඩා ගෑස් භාවිතයේ ඇති ප්‍රතිලාභ ගැන ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රවර්ධන වැඩසටහන් ලිට්රෝ වෙතින් දියත් කර තිබෙනවා.

No comments: