වන්දනා සහ චාරිකා සමයට ඉහළම ඉල්ලුමක් ඇති ලිට්රෝ ගෑස් පොඩි සිලින්ඩරයේ වාසී.
වෙසක් සමයේ ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කරගන්න රුවන්මැලි මහ සෑය වන්දනාවට, ශ්‍රි මහ බෝධියට ඉටු වෙච්චි කිරි බාර ඔප්පු කරන්න එහෙම හිතේ තියන් ඉන්න අය ගොඩක් ඇති. ඉතිං ඔබේ බාර හාර පිරිසිදුව ඔප්පු කරන්න යන ගමනට නොවැරදීම කිලෝ 2.5 පොඩි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අරගන්න. වන්දනාවෙ යන අයට යන මග උණුසුම් තේ කෝප්පයක් පිළියෙළ කරගන්නත් කදිමයි. බුදුන්ගේ තෙමඟුල සමරන මේ වෙසක් සමයේ ඔබ සංවිධානය කරන වෙසක් වන්දනා ගමන් ඇති. ඒ ගමන්වලටත් යන එනකොට මේ පොඩි ගෑස් සිලින්ඩරේ අරන් යන්න අමතක කරන්න එපා.
මේ කාලෙ වන්දනාව ගමනක් විනෝද චාරිකාවක් පවුල් පිටින් යනකොට සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඒ වියදම් අතරේ තුන් වේලට කෑම ගන්න හිතෙන හිතෙන වෙලාවට තේ බොන්න ගියොත් මොන තරම් අධික වියදමක් ඔබට දරන්න වෙනව ද! ඒ නිසා පිරිසක් එක්ක වන්දනාවක ගියත්, විනෝද චාරිකාවක ගියත් හොඳම විසඳුම ලිට්රෝ පොඩි ගෑස් සිලින්ඩරයක් එක්ක පොඩි ගෑස් ලිපක් අරන් යන එක. එතකොට නිදහස් තැනක අනේ නවත්තලා හිතෙන හිතන වෙලාවට තේ එකක් බීලා විඩාව නිවාගන්න පුළුවන්. බරිනුත් අඩු නිසා ගබඩා කරන්නත් පහසු නිසා ලිට්රෝ ගෑස් පොඩි සිලින්ඩරය ඕන තැනක යන වාහනේම අරන් යන එකත් හරිම ලේසියි. ඉතිං ලේසියට පහසුවට වගේම ගමන් වියදම් අඩු කරන්නටත් ඔබට මේ පොඩි ලිට්රෝ ගෑස් සිලින්ඩරෙන් ලොකු උදව්වක් වෙයි.

No comments: