නිවසේදී ගෑස් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.


එල්. පි ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් කිහිපයක් පමණ විවෘතකර තැබිය යුතු ය. අනතුරුව ඔබට ගෑස් ගන්ධයක් නොදැනෙන්නේ නම් ගෑස් ලිප දැල්වීමට ඔබ සුදානම් විය යුතුය.

ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් පිරිමැසුම් දායක ලෙස ගෑස් භාවිත කල හැකිය.

ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය. ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.)

ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය. එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිපි වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ. එනිසා ගෑස් ලිපක් එක වරකින් ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය. ලිපේ ගැවෙන ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත්විය යුතුය.

තවද ගෑස් සිලින්ඩරය ස්ථානගත  කිරීමේදී පහසුවෙන් එලියට ගතහැකි ස්ථානයක තැබීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුම කාරණයකි.

නිසි කලට රේගුයුලේටරය , හෝස් එක මාරු කිරිමද කල යුතුය. 

  • රේගුයුලේටරය අවුරුදු - පහකට වතාවක් 
  • ගෑස් බටය ( හෝස් එක ) - අවුරුදු දෙකකට වතාවක් 
  • ඒ අතරම ගෑස් ලිප නිසි කලට නඩත්තු කිරීම, මලකඩ, ලිප් අවට ඇති කාබන් ඉවත් කිරීම වැනි දෑ ගැන අවබෝදයෙන් සිටීම කල යුතුය.

එල්. පී. ගෑස් ලෝකයේ ජනප්‍රියතම හා සුරක්ෂිතම ඉන්දනය බවට පත්වී ඇත. ඉතින් අපි නිසි ආරක්‍ෂිත ක්‍රමවේද වලට අනුව එල්. පී. ගෑස් ගෑස් භාවිතා කිරීමට හුරුවීම තුලින් ඔබත් ඔබේ ලබැදියන්ගේත් ආරක්ෂාව තහවුරු කලගත හැකිය.

නිවසේදී ගෑස් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. නිවසේදී ගෑස් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. Reviewed by News Hub on 8:08 PM Rating: 5

No comments:

Powered by Blogger.